
ගිම්හානයේ විඩා නිවන දිය පතමින්
පිනි කැටපතෙහි පිපෙයි දේදුන්න මනරම්
ඉර එබෙයි කඳු මතින් වලා රොද දකිමින්
දිරිය ඇති තැන නොවෙද ජීවිතය නිම්හිම්
යුත ගෙනෙද නිබඳ කඳු මතට මන්දාරම
සතු නොවූ කුරිරුකම මැවෙයි හැම පාර ම
නතු නොවූ තුහින හිත ගැයෙයි දුක් ගායන
මතු දිනෙක මල් පිපෙයි සුවඳ දී පූදන
තලා ඉරි කටුක බිම දිය සොයන ජීවිතේ
නෙළාගන්නට මලක් නැතිවිණිද සාවියේ
වරා මල වගේ ඉගිලෙන්න බැරි ආකහේ
තලා අරගෙන ගියේ පුරහඳද සාමයේ
කඳුළු වුව මුළුතැන්ය අඳුරු කල ආවම
සළු ලිහා උදා රූ පායන්න දාතම
අළු පාට උදෑසන ඇවිද යන පාදම
හිරු නැඟෙයි හිරු නැඟෙයි තව කුමට වාදම
Picture - Steven Stahlberg, Australian
==+++++
ReplyDelete