Tuesday, September 17, 2013

මෙන්න මෙයා නිල් අහසේ තරු නෙළන්න අහනවා!

Leon Roulette, Iceland Poppies

ගම්මානය එළි කරලා රන් තැටියක් වඩිනවා
පෝයදාට අපෙ අම්මා මගෙ මුහුණයි කියනවා
මල්ලි එක්ක මල් කඩන්න කෙක්කක් මං හොයනවා
මෙන්න මෙයා නිල් අහසේ තරු නෙළන්න අහනවා

ගස අත හැර අරලිය මල් කිනිති පිටින් බිමට එන්න
රෝස ගහේ කටු ඇනේවි බලාගෙනයි මලේ ඔන්න
වෙල් එළියේ සඳත් එක්ක හරි හරියට අඩි තියන්න
දුවන් එපා හරි නරකයි හෙමින් හෙමින් හෙමින් යන්න

Picture - Leon Roulette, American, born 1959

No comments:

Post a Comment