
සතුන්ගේ පටන් භාව මූර්ති දක්වා විවිධ හැඩ වර්ගයන්ගෙන් සැදි විවිධ විශේෂ 450කින් යුක්ත වට්ටක්කා 500,000කට වඩා දැක බලාගන්න ඒ අය මේ පුංචි ජර්මන් නගරය කරා ඇදෙනවා.
ලුඩ්විග්ස්බර්ග් වට්ටක්කා උත්සවයේදී පවත්වන වට්ටක්කා බෝට්ටු තරගයේදී මිනිස්සු හිස් කුහරයක් තැනූ වට්ටක්කාවක නැඟලා ලුඩ්විග්ස්බර්ග් විල හරහා යමින් එකිනෙකා සමඟ තරග කරනු ලබනවා.
ලුඩ්විග්ස්බර්ග් වට්ටක්කා උත්සවයේදී මහත් අභිරුචියෙන් මඟ බලන අවස්ථාවන්ගෙන් එකක් වන්නේත් මෙම වට්ටක්කා බෝට්ටු තරගය. කිලෝග්‍රෑම් 90කට වඩා බර සමහර යෝධ වට්ටක්කා කුහර සාදා ලුඩ්විග්ස්බර්ග් විල මතට දියත් කරනු ලබනවා. බලාසිටින්නන්ගේ ජය ඝෝෂා මැද, එම වට්ටක්කා බෝට්ටු අවසන් ඉර දක්වා අදාළ මාර්ගයේ ගමන් කරවීමට තරගකරුවන් විසින් හබල් ගානු ලැබිය යුතුයි.
මේ අරුම පුදුම බෝට්ටු තරගයේ ජයග්‍රාහකයාට ලැබෙන්නේ මොන විදිහේ තෑග්ගක්ද කියන එක නම් විශ්වාස නෑ. ඒත්, එය වට්ටක්කාවලට සම්බන්ධ දෙයක් බව නම් සක් සුදක් සේ කිව හැකි යි.
ෂසිකා අමාලි මුණසිංහ
Photo by Ralph Orlowski/Getty Images Europe
No comments:
Post a Comment