මාර්ෂ්වුඩ්, ඩෝසෙට් හි බොට්ල් ඉන් අවන්හලට මිනිසුන් 1500ක් විතර රැස් වුණේ වාර්ෂික කහඹිලියා කොළ කෑමේ ලෝක සූරතාවේ 2010 වසරේ වාරයේ තරගකරුවන් 61 දෙනා තරග වදින හැටි දැක බලාගන්නයි. මේ විස්මයාකාර තරගයේ ඉතිහාසය ප්‍රාදේශීය ගොවියන් විසින් දිග ම කහඹිලියා නාරටිය වැවිය හැක්කේ කාටදැයි බලා ගන්නට ‘දිග ම බූවැති කහඹිලියා’ තරගය ආරම්භ කළ 1980හි මැද භාගය දක්වා දිව යන්නක් විය හැකි යි..

එතැන් පටන්, තරගය ‘කහඹිලියා කොළ කෑමේ ලෝක සූරතාව’ ලෙස අප දැන් දන්න කහඹිලියා කොළ කෑමේ තරගකාරී අභියෝගය බවට
පරිණාමය වුණා.
ජූනි 19 වැනි දා කොළ
කඩාගෙන කෑමට තරගකරුවන් හැම කෙනාට ම අඩි දෙකක් දිග බූවැති කහඹිලියා දඬු ලැබුණා. පැයක කෑම වෙලාවෙන් පසු, හිස් වූ දඬු මැනීමෙන්, වැඩි
ම කහඹිලියා ප්‍රමාණයක් අනුභව කළ තරගකරුවන් ජයග්‍රාහකයන් වශයෙන් නම් කළා.
පිරිමි අයගේ තරගයට
පළමු වරට සහභාගි වූ සෑම් කනින්හැම් පොඩි කරන ලද බූවැති කහඹිලියා අඩි 74ක්
අනුභව කොට ‘2010
කහඹිලියා කොළ කෑමේ ලෝක සූරතාවේ රජා’ යන නාමයට හිමිකම් ලැබුවා. ගැහැනු තරගයේදී, ලෝරා රෙවෙල් කහඹිලියා අඩි 40ක්
අනුභව කරමින් ‘තරග සූරයා’
නාමය දිනාගත්තා.
ෂසිකා අමාලි මුණසිංහ
Photos by REUTERS/Chris Helgren
ෂසිකා අමාලි මුණසිංහ
Photos by REUTERS/Chris Helgren
No comments:
Post a Comment