
මොර සූරන වැස්ස
ගල් ගසන්නාක් මෙන්
දිය කලතමින් නැඟේ
තෙතමනය බර වාතාශ්රයකි
දිය ඌල් පසුකර
අධිවේග දුම් රියක් මෙන්
පොදු සුසුමක් ය කඳුකර
කෙසඟ අත් මතින් නැඟෙන
සියක් කෘශ ගැහැණුන්
තෙලිතුඩට ගනිමින් වලා වියන
දර මිටි අතර සිර වෙන
සිහින් ඉකියක් නැඟෙන
බරැති කළ ගෙඩි පෙළක්
පල්ලමට බසින
එන්න කලියෙන් වැස්ස
ගෙමිදුලට පනින
හති හලන හිම හදවත් ය
උණුසුමක් නොදැන
Picture - www.infoniac.com/environment/united-nations-world-water-day-on-march-22.html
//එන්න කලියෙන් වැස්ස
ReplyDeleteගෙමිදුලට පනින
හති හලන හිම හදවත් ය
උණුසුමක් නොදැන//
කවියේ මේ කොටස වඩාත් ම අපූරු යි.
බොහොම ස්තූතියි දිලිනි, ඔබේ විඳීම් කුරුටු ගා යනවාට..
Delete