Sunday, September 1, 2013

මවු සඳ ළඟ ඉන්ට පින් කර නැතුවාය



අවු වැසි සුළං නොම තකමින් නුබ පාය
කෞමද සුවඳ අතුරා නිවු දිවි දාය
ගවු ගණනක් දුරින් පායන තරු මා ය
මවු සඳ ළඟ ඉන්ට පින් කර නැතුවාය

කඳු ළය අතැර ඇවිදින් අමුණන කවඩි
සිඳු රළ පයට පෑගෙන තරමට නොවැඩි
ලුණු රහ වුණේ ඇයි මතකය වරල කැඩි
කඳුළුද වැඩී නුබ සඳ දැක මුහුද හැඬි


Picture - Delawer Omar

No comments:

Post a Comment