Tuesday, September 3, 2013

අහා! අර ඈත

Claude Monet, Train in the Snow

අඳුර වැටීගෙන එද්දී
ඈත රබර් වතු දිගේ
කුරුල්ලන් පෙළක් නොනවතා
ඉගිල යයි ගම්මාන කොනකට
කවුළුවෙන් එබී
සර්ප ගමනක් යන කෝච්චියේ
ඉදිරිපස මැදිරි දෙස බලමි

අහා! අර ඈත
නිල දැරි කඳු යාය මත
සන්ධ්‍යා සමයක දැල්වෙන
නිවෙන දැල්වෙන එළි

Picture - Claude Monet, French, 1840 - 1926

No comments:

Post a Comment