
හරිත ගොන්නක් වටේ
දිලෙන නිල දියවරේ
අකර්මණ්‍ය ව වැතිරි
සිනිඳු වරලක් පෙනේ
නිමා වෙන්නට පෙරදි
බොහොම කෙටි ජීවිතේ
රිදුණු තැන් පිරි මැදන්
යළිත් හිනැහෙමු මිතේ
අන්න අර අව්ව බැස
අඳුර එන විට කෙතේ
ලොව නොදත් අස්වැන්න
පිපෙනු ඇත නුඹ හිතේ
එන්න දැන් සිපගන්න
බොහොම කෙටි ජීවිතේ
pic. - Helmer Osslund, Swedish, 1866 - 1938
No comments:
Post a Comment