Friday, June 14, 2013

ඔව්, මලීනා මා කැමති චිත්‍රපටයකි.



"Time has passed and I have loved many women. And as they´ve held me close and asked if I will remember them, I believed in my heart that I would.But the only one I've never forgotten,is the one who never asked... Malena"
.

Malèna මට නොකියවා සිටිය නොහැකි තරමට සංවේදී ය. මම විචාර ලියන්නට මහත් අලස එකෙක්මි. එහෙත්, කුමක් හෝ ලිවිය යුතුයැයි මට සිතේ. මලීනා ඉතාලි චිත්‍රපටිය මම නැරඹුවෙමි. නිර්මල ගැහැණියක සමාජය විසින් තල්ලු කර දැමූ ජඩ අන්තය සුපැහැදිලි ව දුටුවෙමි. ඒ පොඩි දරුවෙකුගේ ඇසිනි. අහම්බයෙන් එම සුන්දර ගැහැනිය දුටු කුඩා දරුවා ආලය හා ශෘංගාරය විසින් ගෙන යන ලද ඉසව්වට මම මහත් අකැමැත්තෙමි. එහෙත්, ඒ ඇසින් නිර්මාණකරුවා සොයා පෙන්වන ලද සත්‍යයට මම මහත් කැමැත්තෙමි.

මෙම සිනමා පටය පටන් ගෙන මොහොතකින් ම මම අන්තර්ජාලයෙන් එය සොයා කැමැත්ත ප්‍රකාශ කළෙමි. වැඩිහිටියන්ට උචිත එය ඇතැම් විට මනස සහ ශරීරය අතර ගැටෙන විට, නැවත එතැනට ගොස් ආසියානු කුඩා මනස විසින් පොළඹවන ලදු ව කැමැත්ත ඉවත් කර ගතිමි. තවත් ඉදිරියට යන විට මෙකී සිනමා පටය විසින් පසුබිමෙහි ගෙන හැර වදාරන තථ්‍ය අමිහිරි යථාර්ථයන් කොතරම් නිවැරදිද යත් සහ එය අප ජීවත් වන සමාජයෙහි කුහකත්වය කොතෙක් නිරාවරය කරන්නේදැයි දැක, මෙය කිසිසේත් ම අකැමති විය හැකි චිත්‍රපටියක් නොවන බව මම ඉඳුරා පසක් කර ගතිමි.

ඔව්, මලීනා මා කැමති චිත්‍රපටයකි.

http://en.wikipedia.org/wiki/Mal%C3%A8na

 

Director: Giuseppe Tornatore
Initial DVD release: July 10, 2001
Awards: David di Donatello for Best Cinematography

1 comment:

  1. හදගම රිෆර් කරේ මේ ෆිල්ම් එක නේද?? මටත් හිතෙනවා බලන්න. කෝ ඉතිං අපිට බෑ නෙව බාගන්න... (තහනං)

    ReplyDelete