
"දුදුනොද බිඳ
ලද තෙද කඳ
කඳ දෙව් රද සාමිනේ..."
අපේ ලකුණු මැකූ එකා
අප පහතට දැමූ එකා
අපට හිලව් වෙච්ච එකා
එක අකුණෙන් අකා මකා
අප හද ගිනි මැවූ එකා
ගිනි සුළි මැද වැටිච්චාවෙ
සාටක අල්ලා වෙව්ලන
සුරතින් ගෙල සිඳිච්චාවෙ
පින ද සදා නොතිබෙන බව
ගිනි සැර මැද දැනිච්චාවෙ
කළ කම් සිහි කර කර කර
නිරා ගින්නෙ පැහිච්චාවෙ
කොසොල් රජුගෙ සිහින තකා
නැටුවත් විලි නැතුව යකා
මහ දන බත් පත ම කකා
අඟ පෙන්වන මී හරකා
දෙඩුවත් බොදු බල කාකා
අපි දන්නෙමු අපේ යකා
දුටු තැන ගස්සාපු කොකා
ඇසත් ගතත් ගත්තු එකා
කඳ දෙව් රද සාමිනේ - සුමන සමන් සාමිනේ
නොකළොත් මේ හදිය ඉතින් - මට හිතෙනව නුඹලා දැන්
මටත් වැඩිය අසරණ බව
* රැපියෙල් තෙන්නකෝන් මහතා
pic. - Cecily Brown, British, Born 1969
මම හිතුවේ මුල් කවිය කියලා. ඒක නම් මහා අමුතුම විදියේ කවි පන්තියක් නේ මේකත් සුපිරි
ReplyDelete