Tuesday, June 11, 2013

කෝ රුවල කෝ හෙළ රුවල කෝ

Valeriy Rubanenko, Lady in Blue

සිහිල් නල රැළි මඟට එයි
සිතෙහි සැතපෙයි සිනා පෙති
සිහින් බඳ නළවමින් ඔරු බඳ
සමුදුරට අත වනයි නිති

කෝ රුවල කෝ හෙළ රුවල කෝ
මහිමි සඳ හද අරුණ කෝ
කෝ රුවල කෝ හෙළ රුවල කෝ

එතැයි ගම්බිම් බලා උණුසුම් අරුණ ආලෝකේ
වියරු සැඩ ගුම් කුණාටු ද මැඩ පුරුදු පෙම් ලෝකේ
තබා උණුසුම් බතක් ලිප පිස රැයෙහි තනි සෝකේ
විසාකාවක් බලයි නිල මඟ පමා වූ රූපේ

කෝ රුවල කෝ හෙළ රුවල කෝ
සමුදුරට ගිය කිරුළ කෝ
කෝ රුවල කෝ හෙළ රුවල කෝ
pic. - Valeriy Rubanenko, Russian, born 1963

No comments:

Post a Comment