Saturday, July 13, 2013

දැන් නොආවාට කමක් නැත

Tomasz Dziubinski, Nowiny Horynieckie

ආදරය කිරීම ඔබට බාර ය
මෙන්න මගේ හදවත
උගුලා විසි කරමි
.
දනිමි මම
පෙණ බුබුළු මෙන්
ගලා ගිය
සංධ්වනියකි ඔබ
තනි ම රතු පැහැයෙන් සැදි
.
අහස් මත හිස් බව දුරලන්නට මෙන්
අතොරක් නැති ව කුරුල්ලන් පියාපත් සලන විට
වඩ වඩා රූබර කඳු උමං සොයා ගිය
එහෙත් අද අතැර දැමූ මතකයක් ඔබ
නටබුන් වූ ආවාසයක් ඔබ
අමතක ව ගිය උමඟක් ඔබ
නැංගුරම්ලනු අමතක ව
දියබත් ව ගිය නැවක් ඔබ
කෙටියෙන් ම කීවොත්
මට වෙනත් ලෝකයක් ඔබ
.
ස්තූතියි දන්වා ගියාට
මේ සරත් සෘතුව ය මා සතු
වන ගැබ් කිති කවා
සුළං රැළි හමා ගිය
මල් පිපුණු ඉමිහිරි
උදෑසනවල් පසු වුණ
තනිකම දරා ගතිමි
තනියම ම මම
දැන් නොආවාට කමක් නැත
මැකී ගිය සිතුවම
.
Pic. - Tomasz Dziubinski, Polish

No comments:

Post a Comment