Sunday, July 21, 2013

ඉතින් ඉක්මනින් එනව නම් මා යන දිනය

Per Ekström

දිරා ගිය අතු රොදක්
වැනි ය නුඹ අතීතය
කහ පෑ ව මැලවුණ ද
කලා කැටයම් මැව්ව

ගොම අතුළ ගෙයි පිලේ
ඈඳි ගෙන හස ඇති ව
අහස බිඳ මතු වෙනා
දේවතා එළි සෙව්ව
අතීතය සිහි ව හද මිරිකෙනා 'කුරු ඇති ව
සිහිනයක් වැනි ව යැයි කුඩා දෑසින් යුතු ව
දැරිවියක් හිඳී අබිසට වී මතක තිර
සළ රුවක් වැනි ව දිව යයි දෑස තෙත අතුර
අත්තම්මාගෙ අත ඇඟිලි සොයනා හිස ව
රිදුම් දෙයි විටින් විට ජීවිතය රද බර ව
ඉතින් ඉක්මනින් එනව නම් මා යන දිනය
මට නැවත සුරඟනන් දැකිය හැක පෙර දිවිය

Picture - Per Ekström, Swedish, 1844 - 1935

1 comment:

  1. දිවියම දිරා ගිය කොළ අතු ගොඩක් තමා.

    ReplyDelete