
ලබුකැලේ කඳු දිගේ
කථන කණු එළි පෙනේ
සීත සුළං ඇවිත්
ගත ම හී ගඩු පුදයි
උණුසුම් තේ උගුරු
ම හද උණුසුම් කරයි
වතු යාය කණිසම
ඒ සමඟ අවදි වෙයි
ජීවිතේ දුෂ්කරයි
සුබයි එනමුත් සුබයි
තාරුකා එළි වැටෙයි
රාමු විනිවිදන් යයි
මුහුද හඬ නතර කර
මඳක් ඉස්සී බලයි
නොපෙනෙනා නිසාවෙන්
ඔළුව හංගන් අඬයි
දුම් දමන තේ කහට
සමඟ තරගෙට ඇදෙයි
උඩරට මැණිකෙ එයි
කඳු පියන් ඇහැරවයි
pic. - wallpaperup.com/84035/sunset_roads_mountains_night_lights_light_sky.html
මට සිහියට ආවේ තාත්තගේ තේ වත්තේ දල්ලට යට වූ දහදිය ගිතය. නිමැවුම සුපිරියි.
ReplyDelete