Tuesday, July 2, 2013

ලබුකැලේ කඳු දිගේ



ලබුකැලේ කඳු දිගේ
කථන කණු එළි පෙනේ
සීත සුළං ඇවිත්
ගත ම හී ගඩු පුදයි
උණුසුම් තේ උගුරු
ම හද උණුසුම් කරයි
වතු යාය කණිසම
ඒ සමඟ අවදි වෙයි

ජීවිතේ දුෂ්කරයි
සුබයි එනමුත් සුබයි
තාරුකා එළි වැටෙයි
රාමු විනිවිදන් යයි

මුහුද හඬ නතර කර
මඳක් ඉස්සී බලයි
නොපෙනෙනා නිසාවෙන්
ඔළුව හංගන් අඬයි
දුම් දමන තේ කහට
සමඟ තරගෙට ඇදෙයි
උඩරට මැණිකෙ එයි
කඳු පියන් ඇහැරවයි

pic. - wallpaperup.com/84035/sunset_roads_mountains_night_lights_light_sky.html

1 comment:

  1. මට සිහියට ආවේ තාත්තගේ තේ වත්තේ දල්ලට යට වූ දහදිය ගිතය. නිමැවුම සුපිරියි.

    ReplyDelete