
තරු වියන ලිහෙයි
තනිකම ද දැනෙයි
දුර මන්දාකිණියක නුඹ හිනැහෙයි
මුදු එළිය ගලයි
සරතැස ද නිවයි
සීතල සුසුමක් වී හද 'ග බදයි
නුඹ ඈතයි
දෑතට ඈතයි
එනමුත් හිත අග්ගිස්සෙම දැවටෙයි
කවියක් කොඳුරයි
තාලෙට නැළවෙයි
ජීවිතයේ තුඟු තනුව වයයි
Picture - Patrick Devonas, Swiss, born 1965
No comments:
Post a Comment