Tuesday, July 9, 2013

තබනු බැරි වූ නිමා තිත කිමද?

Erin Cone, Title Unknown

ජීවිතේ හරි කෙටියි
අප නොදැන හිටියාට - නැවතුම කොතැනදැයි
තනියෙන් ම යන්න වෙයි
මතක මංපෙත් බිඳෙයි

බෝ දුරක් ගෙන පැමිණි අත කොහිද
දේදුන්න මැව් තුහින නුබ කොහිද
හුරු පුරුදු නිල හරිත තුරු කොහිද
මා අසින් ගැලූ කවි ගඟ කොහිද

නෙලූ අස්වනු අටු කොටු වතු පිටි
තබා මෙහි යන ගමන නම කිමද
මුල සිටන් අරඹන්ට එක ම දෙය
තබනු බැරි වූ නිමා තිත කිමද

Pic. - Erin Cone, American, born 1976

1 comment: