Monday, July 1, 2013

ඇළක් කොහොම කෙරුවද සරදම් පුතුනි

ඇළෙන් එහා කුණු කන්දෙන් බෙරයක් තැනීමට එක්ස් රේ කාඩ් සොයන්න මිතුරා සමඟ ගිය කුඩා සඳරු පුතා සෘජුෆෝම් පාරුව පෙරළී ඇළෙහි ගිලී මිය යයි.

පුවතක්, 2013.07.01*



මලක් වුණත් මල්කම් නොම ලද මෙ මිණි
පලක් නොමැති මිරිවැඩි නොසෙවූ බැවිනි
කලක් සොමි සොයා සෙල්ලම් ලොව පැමිණි
ඇළක් කොහොම කෙරුවද සරදම් පුතුනි

රටක් කරන මිනිසුන් දරු කැලගෙ අත
නැතක් කෙළි කවට හසරැලි මැවුණි විත
දුකක් මිසක අප අත මල් මැවුණෙ නැත
අතක් එහෙව් සිපගත් හදවතකි පුත

ඇතෙක් බරට වස්තුව අරගෙන එන්න
මිතුත් සමඟ කුණු කන්දට පාවෙන්න
විසික් කළ කුණෙන් බෙරයක් සාදන්න
සිතක් තිබුණු මා දරු කොත මිණ වැන්න

ඉහළ අහස් නරුම ව තැලුවත් අපට
පහළ ඇළක් තැලුවේ කෙලෙසක කුමට
ම හද මගෙන් ගලවා ගෙන ගිය මුවට
හෙළමි වඩ දියෙහි පෙඟවූ කඳුළු කැට

Source - lakbima.lk/oldpapers/daliylakbima/2013/July/last_01_07_13/main.pdf
Pic. - Alfredo Araújo Santoyo

No comments:

Post a Comment