Thursday, July 4, 2013

අහිමි වූ තුඟු නිධානය ඔබ



ලිවිසැරි කෝෂ්ටාගාරයක්
පැළ කොට මා ඇතුළ
යුගයක මහඟු මෙහෙවර
ඉටුකර සමුගත්ත මිනිසෙකි ඔබ

කවා මා වෙත නොනිමි දහිරිය
තැනූ හැටි ඇද නොමැති කොඳු පෙළ
රැක ගන්න වෙල්ලස්ස උරුමය
අහිමි වූ තුඟු නිධානය ඔබ

අපේ ගම්බිම් නොදත් මිනිසුන්
ලියා උන්මත්තක වචන වැල්
කෙලසනා හැටි දුටුව නම් ඔබ
තලනු ඇත බස්තම උරුක් කර

දුක් ගැහැට විඳ ජීවිතේ මම
අපරිමිත සැළමුතු බවක් තෙද
රකින්නට දුන් ඔවා පැන් පොද
මිණි අතුළ රන් මිනිසෙකිය ඔබ

* අත්තනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා මා ආදර සීයාට

pic. - Viaggio nel Mondo, facebook.com/photo.php?fbid=504094866330973&set=a.224127930994336.53998.166570006750129&type=3&theater

2 comments:

  1. මට නම් වැඩිමනක් තෙරුනේ නැහැ වැදගත් දෙයක් වෙන්න ඇති.

    ReplyDelete
  2. සීයා සැරයි වගේ

    ReplyDelete