Friday, December 14, 2012

හිස් කොළයක්

හිස් කොළයක් වෙමි මම
ඔබට රිසි දෙයක් ඇඳිය හැක
ඕනෑ නම් කවියක්
ඕනෑ නම් සිතුවමක්

කීතු කීතු ඉරිය හැක
හිස් බව පිටින් ම විසි කළ හැක
බිත්තියට තියා ඇණ ගැසිය හැක
ඔබ කුමක් කළත්
මා හිස් කොළයක්

1 comment:

  1. නොතලමි,
    නොඉරමි,
    හිස් කොළය,
    තිබෙන්නට හරිමි,

    ReplyDelete