Sunday, December 2, 2012

ඔබ තරම් මිහිරි කවියක්

හිම කැටිත්තක සැඟවු කවිය
හිරු එළිය හා නික්ම ගොස් ඇත
එහෙත් සොඳුරිය
ඔබ තරම් මිහිරි කවියක්
ඉන් පසු ව හමුවුණෙ ම නැත

ඇවිද ගියා කාලය
අලස ගමනින්
පැය දින සැතපුම් ගණන්
කතා කරද්දී මිනිසුන්
බොහෝ දේ ගැන
අවිච්චියෙක් හැඬුවා මගේ හද
තටු ගස ගසා හැම රැයක ම

කතරක් අහස දෙස හැර
වෙන කොයිබ බලන්නද
දාහය නිවාලනු පිණිස
සිසිරයක් කතරට නොඑන්නෙද
බදා මිහිකත සිහින
පුරා හඳ පිපෙන්නෙද
බෙදා ගත් යහන
නුඹට සිහි නොවන්නෙද?


Pic. 'Lucky One'

No comments:

Post a Comment