Tuesday, August 21, 2012

වේලු

පොල් කඩන වේලු
මහ වැස්සෙ තෙමෙමින
තෙතබරිත ගස් වුව
තෙමී නැති යැයි සපථ වන

තෙමී වැගිරෙන කඳුළින
කුඩා ගෙපැලක් සිහියෙන
ඒ ගෙපැල මැද සුපිපුණ
නෙළුම සනහන අටියෙන
මහ වැස්සේ තෙමෙමින
පොල් කඩයි වේලු

සීතලෙන් ගල් වුණ
හදෙක උණුසුම් සිනාවෙන
කුඩා රොටි දෙකක් වුව ඇති
ලුණු මිරිස් සමඟින
හැබැයි හොඳ රස්නෙට කහට කෝප්පයක් එක්ක

පොල් ගසින් එපිටට
අහස් වුව නැගුමට
නොපැකිළෙයි වේලු
කළු ගැහුණු ළය මදිමින

No comments:

Post a Comment