Friday, August 3, 2012


කතා කරන්න එපා ඔබ
නිමක් නැතිවෙයි කතාවට
සිනිඳු මෘදු දේ නොව ලොව
කෑ ගා කීමට ය ඇත්තෙ එමටම

පියාගෙන් නුවන්
වසාගෙන සවන්, මතු නොව ලවන්
සිටිය හැකි නම් ඔබට
මලක් සේ ඔබ ඉන්න

කෑ ගසා කීවත්

ඔවුහු නොවෙත් වෙනස්
අපතේ නොහැර වදනක්
නිහඬ ව ම පසු වන්න
දිනා ඇතුළත'රුත්

ලෝකයෙන් පිට වන්න...!!!

No comments:

Post a Comment