Friday, August 3, 2012

    • හිරු පායා එයි
      මම හිඳිමි
      ඉස්තරම් මේසයක් ඉදිරිපිට
      ඉස්තරම් පුටුවක් මතට වී

      වීදුරු කවුළුවෙන් එපිට
      දැරියක් ඇද යන මවකි
      ඇගේ සුදු ගවුම
      සෙල්ලමේ රඟ කියයි !

      මිනිස්සු දුවත්

      බස් රිය වෙත
      හනික එල්ලෙන්න
      පා පුවරුවේ

      ඉක්මනින් අඩි තියා

      පළා වෙළෙ'ඳා දොරකඩ

      සිහිනයක් පෙරළගෙන

      පරිගණකයට නෙත යොමා ගෙන
      මම හිඳිමි

      පබාවන් මඳක් රළු කොට

      හිරු නැඟෙයි අහසට
      පාටක් නොගෙන මුහුණට
      නිසොල්මනේ ම හිඳිමි මම

      පාසල් ඇරී ළමා පෙළ

      කඩ චෝරු සොයා අහල කඩයට
      ගුරු ළඳුහු සාරි පොට
      ළෙලවමින් දුවත් විගසට

      ඉනික්බිති මහ පාර පාලු ය

      ඉඳහිට ඇදී යයි බස් රිය

      ඈත අහසේ සෙමින්

      පින්තාරු වෙයි රත් පෑ
      අනුමාන කළ නොහී දුර හීන මැද
      කුරුටු ගාමී මමත් ජීවිතය

      වැඩ ඇරී නිවෙස් බලා

      යන මහත් මිනිස් කැල
      ගණැ අඳුරට ම දියවෙයි
      කුඩා දෑසින් යුතු ව
      මම බලා හිඳිමි

      බොහෝ මිනිසුන් දිව යන ලෝකයේ

      එක තැනක නැවතීගෙන
      මම බලා හිඳිමි


No comments:

Post a Comment