Wednesday, August 15, 2012

විරුවන් විය හැකිද කොහි?

Mary Harriet Jellett, known as Mainie Jellett, The Nativity

කඳු ද මිටි බිම් වෙයි
අමිල මිනිසුන් මිල වෙයි
හැම විට නොබිය වදන් ඇති
විරුවන් විය හැකිද කොහි

දොරින් එබෙන පොඩි සඳ මුහුණු
තරු දෑස් විකසිත වුණු
අයිස් පලම් ඉල්ලා හඬන සඳ
විරුකමෙහි වග
හඬ ගා නොකියතත් ගෙයි වළද
හැකිළී ඇත ඇගේ කුස

විරුවන් විය හැකිද කොහි
කියන් මට සකිසඳ

Picture - Mainie Jellett, Irish, 1897 - 1944

1 comment:

  1. අපූරුයි . . ..
    ඇත්තෙන්ම හරිම අපූරුයි . ..

    "දොරින් එබෙන පොඩි සඳ මුහුණු
    තරු දෑස් විකසිත වුණු
    අයිස් පලම් ඉල්ලා හඬන සඳ
    විරුකමෙහි වග
    හඬ ගා නොකියතත් ගෙයි වළද
    හැකිළී ඇත ඇගේ කුස"

    ReplyDelete