Friday, August 10, 2012

තරුවක් අසන්නට
ඉස්පාසුවක් නැති
අඳ බිහිරි බිළින්දෝ
හති හලමින් දුවත්
මල් වෙඩි දකිනු වස්

අද හවස පොල් අත්තක්
උඩට වී හිනා වුණු
සඳ පලුව ගෙදර ගෙනියන්නටැයි කියූ උන්
මල් වෙඩි දකින්නට
දුවන හැටි!!

No comments:

Post a Comment