
ගයන්නේ ඔබ කොහේ ඉඳලද
විලාසිනියේ විලාසිනියේ
කිම්ද ඔබගේ හඬ සැලෙන්නේ
බිඳ දැමූ මුදු මුහුදු රළ සේ
සියල් මෘගයන් එක් ව වට වී
පහරනා විට මලක පෙති සේ
සිය දහස් වර මිදුණු හඬදෝ
සසැලි සසැලී පාව එන්නේ
බිඳී වැළපෙන අසනි සැර වී
නොනැවතී නුබ මතු ව එන්නේ
.
තරු වපුළ රාත්රිය යටින්
හඬක් හෝ දැනේදැයි බියෙන්
පලා යන විට ඈතකට
තලා දැමුවෙද රාත්රිය
වලාවක් හෝ ඇදී එන්නට
සඟව ගන්නට වණ ගත
පමා වූවෙද පමා වූවෙද
විලාසිනියේ විලාසිනියේ
ගයන්නේ ඔබ කොහේ ඉඳලද
විලාසිනියේ විලාසිනියේ
කිම්ද ඔබගේ හඬ සැලෙන්නේ
මරණයක් සේ මතු ව එන්නේ
මිනිස් ලොවකින් නොමිනිසුන් වෙත
විලාසිනියේ විලාසිනියේ
නිමිත්ත - http://romatearne.blogspot.com/2013/03/ranis-story.html
Pic. - John Nash, British, 1893 - 1977
"සියල් මෘගයන් එක් ව වට වී
ReplyDeleteපහරනා විට මලක පෙති සේ"
මේක මගේ හිතේ ගොඩක් වැදුණා. මාරයි