Saturday, April 6, 2013

බොහෝ කලකට පසු ව

The Reader

බොහෝ කලකට පසු ව
සරසවියෙ බංකුවක
මිතුරියක එන තුරා මඟ බලන
මල් පිපුණු රෝසියා
පත් ද සිස් කර
මඟ බලා සිටින සේ මට හැඟෙ යි
සිහින් සිරි පොද වැටෙ යි

අලුත් අය මෙහෙ ඇවිත් යනව ඇති
කොතෙක් නම් පරණයිද අපි
ගසක්වත් අඳුනාගනීවිද
කළු පාට ඇස් තුහිනැති
අහා! මට පෙනෙයි ඒ
බෝගන්විලා මල් පඳුර
මගේ හද සැරසුව

pic. - Frank Weston Benson, American, 1862 - 1951

No comments:

Post a Comment