Tuesday, April 23, 2013

පදවන්න ඔරුව

Henry, Semiradsky, Title Unknown

පදවන්න ඔරුව පදවන්න විගසකින් සකිසඳේ
චණ්ඩ රළ උදම් දී ගැටෙන සඳ ඔරු බඳේ
නිසසල ව දිය දිලෙන ගැඹුරු පස විල දියේ
නිලන නී රළ අතර රුව දිලෙයි පුර පසේ


pic. - Henry Semiradsky, Polish, 1843 - 1902

1 comment:

  1. කඳු දියව ගලා එන
    ඉඳු සරින් ගිනි ලැවෙන
    සඳ කඳුළු තුහිනයේ
    නිදි වැදුන බිම් තඹුරු
    පෙති සලිත කර ගැයී
    සිඳු රළක අගිස්සේ
    මුදු සුමුදු මදහසේ
    නැලවිලිව ලියැවෙනා
    ගී අසමි සාවියේ
    අසමි මම නෙතු පියා

    ReplyDelete