Saturday, July 12, 2014

මින් වසර තිහකට එපිට



පැරණි තානායමකි
අවපැහැව දියසෙවෙල බැඳී ගිය
ඉපැරණි කඳුගැටයකි
ඉන් එපිට සොවින් වැළපෙන
ඉඳහිට මතුවුණු නිල් ඇස් දෙකකි
උඩු මහල කවුළුවකින්
මින් වසර තිහකට එපිට
ගිම්හාන නිවාඩුවක

මල් නෙළන විට මා
බැස මිරිදියට හිමිදිරිය
දිය බෙරලිය මලක් විමසුව
අවපැහැ තිරය පහන් කළ
පහන් එළි දෙකකි එය
මේඝ දූතයක වෙළී දැල්වුණු

මින් වසර තිහකට එපිට
ගිම්හාන නිවාඩුවක

Picture - Hans Dahl (1849 - 1937)

No comments:

Post a Comment