
ගී ලියැවෙන රඟ
ඒත් ඉතින් ඔබ නොගයන හැඩ
දම්පාටට හැන්දෑවට
අඳුර ගලන හැඩ
බත් කූරන් ඉගිල ඉගිල
මොනර පිලක වග
අහසට කොඳුරන අපමණ
සොඳුරු හවස හැඩ
බෝරිච්චී අත් එක්කල කුඩා ගවුම් ඇඳ
ආච්චිඅම්මත් එක්කල සමනලයින් හැඩ
සැන්දෑ අහසේ අඳිනා සිතුවම් හැඩ වැඩ
පින්සල කෝ කිය කිය මහ සයුර අඬන හඬ
සොඳුරු හවස හැඩ සුනිමල මොනර නිලට ඇඳ
ඔසරි පටේ රැළි හදමින් පැද්දෙන තාලෙට
රන් වන් රන් හවඩි අරන් මොනර ළඳුන් වැඩ
අමුණයි ඈ කෙසග රනින් රන්වන් මල් හැඩ
Picture - Jean-Paul Avisse
No comments:
Post a Comment