නවක කවි කිවිඳියන්ගේ නිර්මාණ ඇතුලත් 'කවි සියපත' කාව්‍ය සංග්‍රහය 2014 වර්ෂය සඳහා ප්‍රකාශයට පත් කිරීමට එහි සංස්කාරකවරු කටයුතු සම්පාදනය කරමින් සිටිති. මෙම කාව්‍ය සංග්‍රහයට නවක කවි කිවිඳියන්ගේ නිර්මාණ 100ක් අඩංගු වේ.
2014 සාහිත්‍ය මාසය අළලා ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිත මෙවර කවි සියපත සඳහා නිර්මාණ බාර ගැනීම දැන් සිදු වේ. තම කාව්‍ය නිර්මාණ කෘතියක් ලෙස ප්‍රකාශයට පත් නොකළ කවි කිවිඳියන්ට මේ සඳහා දායක විය හැකිය. එක් අයෙකුට කාව්‍ය නිර්මාණ 3 ක් ඉදිරිපත් කිරීමට හැකිය. තම නිර්මාණ A-4 ප්‍රමාණයේ කොළයක තනි පැත්තේ ලියා පසු පිටේ නම, ලිපිනය හා දුරකථන අංකය සඳහන් කර 2014 අගෝස්තු 10 දිනට පෙර සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ යන ලිපිනයට එවන ලෙස ද කවරයේ ඉහළ වම් කෙළවරේ 'කවි සියපත 2014' ලෙස සඳහන් කරන ලෙස ද සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටිති. කවි සියපත 2014 ග්‍රන්ථය එළිදැක්වීම 2014 සැප්තැම්බර් මාසයේ දී උත්සවාකාරයෙන් සිදු කෙරෙනු ඇත.
Picture - Lynn Sanguedolce, American Artist (b. 1959)
Source - Boondi.lk
Thanks for the info Kandu!
ReplyDeleteYou are welcome & Try..Try..!
Deleteස්තූතියි කඳූ...
ReplyDeleteඅගෝස්තු 10 ට කලින් ලියා යවන්න.
DeleteThis comment has been removed by the author.
Deleteසරසවි ප්‍රකාශකයන්ට කතා කළොත් සමහර විට දැනගන්නට පුළුවන් වේවි කියා හිතනවා. මා පෞද්ගලිකව තොරතුරු දන්නේ නැහැ. සමාවන්න.
Delete'කවි සියපත 2014' ග්‍රන්ථය දොරට වැඩීම සැප්තැම්බර් මස 27 වැනි දින සවස 3.00ට කොළඹ 07, ආනන්ද කුමරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව ආරංචියි.
Delete