Wednesday, July 16, 2014

දුක්ඛිත කවියක්


එච් කියලා ගැහැණු ළමයෙක් හිටියා
එයා තමයි අතිශයින්ම සුන්දර ළමයා
එම් කියලා ගැහැණු ළමයෙක් හිටියා
එයා තමයි පන්තියෙන්ම දක්ෂම ළමයා
මේ දෙදෙනම ඔබට ආලය කළ කල
මම හරිම කොට කැත කළු මහත
දුක්ඛිත කවියක් වුණා

ඔබට තිබුණේ පුළුල් උරහිස්
ඔබ බැලුවෙ නෑ ගැහැණු ළමයින් දෙස
එහෙත් ඔබ එච්ටයි එම්ටයි
කැමති බව දැන සිටියහ මා මිතුරියෝ
අපොයි ඉතින් මම
හරිම කොට කැත කළු මහත
දුක්ඛිත කවියක් වුණා

ඔබට තිබුණේ හරිම ගැඹුරු
කඩවසම් ඇස්
ඒත් මා දන් නෑ කඩවසම් වචනයෙහි තේරුම
මා ඔබට ආදරය කළා
ඒ වගෙයි, මා දන්නෙ නැහැ හේතුවක් එයට

මා පුරුදු වුණා ඔබට ආදරය කරන්නට
අපි දෙබස් ලිව්වා කට පාඩම් කළා
එහෙත් ස්තූතිවන්න දෙවියන්ට
මට කිසිදිනෙක ඔබ ඉදිරිපිට
කතා කරගන්න බැරි වුණා

එච් කියලා ගැහැණු ළමයෙක් හිටියා
එම් කියලා ගැහැණු ළමයෙක් හිටියා
මේ දෙදෙනම ඔබට ආලය කළ කල
මම හරිම කොට කැත කළු මහත
දුක්ඛිත කවියක් වුණා

Picture - Feng Chang Jiang

No comments:

Post a Comment