
ගැට පිච්ච ගස
පාසලේ බුදු මැඳුර ඉස්සරහ තිබුණ
හැම උදෑසනම
එක එක මල අත තැබුව
හැර යන විට පාසල
අපෙ රහස් වළලන්න ගිවිසුව
හීන් පිනි කඳුළක්
හෙළා අවසන අත වැනුව
ඒ ගැට පිච්ච ගස
අපේ ගැට පිච්ච ගස
ගැට පිච්ච ගස අසල සිට
දවසක් ඔබ උදෑසන සබය ඇමතුව
මගේ යෙහෙළියනගේ අත මිරිකුම් ඇතිව
ලබ්-ඩබ් හඬක් මිස වෙනත් කිසිවක් නොඇසුණ
ගැට පිච්ච ගසට මතකැති තවම
පුංචිය කියා සිතුණට මහ විසල් බර මතක
ඒ ගැට පිච්ච ගස
අපේ ගැට පිච්ච ගස
Picture - Catrin Welz-Stein
No comments:
Post a Comment