
ඔබ නිල්ය කහය කළුය
ඔබ රතුය අලුය සුදුය
ඔබ කොළය සුදුය දම්ය
මා දෑස වසා ගත් කල
ඔබ ඒ සියලු පැහැයය
ඔබේ පැහැයෙන් ලොව වැසී ඇත
ඇස් වසා ගත් කල පවා ඔබ
සියලු පැහැ තිත් ගෙන
තැනින් තැන මතු වෙන හැඩ
රන්වන් කෙඳිති විලසින්
විටින් විට පියඹන වග
ඒ ඔබය
මුළු ලොව සියලු පැහැයය
Picture - Dorina Costras
සියලු පැහයන් ඔබේය..
ReplyDeleteඑ්ත් ඒත්
මට දෙන්නේ ඩිංගිත්තකි..