
"පිස්සු හැදෙන් නැද්ද ඔයාට?"
"පිස්සු හැදෙන්න ඕනෑද මට?"
දුවයමින් හඬමින්
උසස් පෙළ පන්ති කාමර වෙත
විසි කෙරුවා ඉරමින් ඔයා
සිංහල ප්රශ්න පත්රය
මතකද එතකොටත් මම
හිනා වුණා ඔයාට
දැන හිටියා මම ඔයා පාස් වෙන බව
නිදි කිරමින් ගැහෙමින් සිටියත්
මුළු විභාගය අතර
සිංහල කරන් නෑ මම
එදා කිව්වා ඔයා විරිත්තගෙන
ලියල ඇති කට පාඩම් කරපු අය
මට වඩා හොඳ උත්තර
තෝරගත්තේ නොගැලපෙනම පෙම්වතුන් මෙන්
තෝරගත්තෙත් ඔයා නොගැලපෙනම විෂයන්
පිස්සු හැදෙන් නැද්ද ඔයාට
නිකං ගෙදර ඉන්න කොට
උස්සන් යන්න බැරි සහතික මිටි
කාඩ්බෝඩ් පෙට්ටිවල තියාගෙන
මා අතේ යෂ්ටියක් ඇත මිතුර
පිස්සු නොහැදෙන
Picture - Irina Vitalievna Karkabi
පිස්සු හැදෙයි..
ReplyDelete