Thursday, July 31, 2014

යළි යළිත් හමුවෙන්න ගිවිසා



ඔබේ පපුතුර හඬනු ඇසුණා
ඔබේ හද ගැබ ගල්ව තිබුණා
හුස්ම ගන්නා වරක් පාසා
ඔබේ අත් මා දෑත වෙලුණා

පිය නඟන් ආ කටුක මං තුළ
දෙපා තැවු ගල් මුගුරු හඳුනා
විසල් සුනිමල් සියපතක් වී
ඔබ මගේ හද විලෙහි පිපුණා

කල් ගෙවී අප වෙන්ව යන දින
යළි යළිත් හමුවෙන්න ගිවිසා
ඔබේ රතදර සිපගනිමි පිය
ඔබ මගේ හද ගබේ රන්දා

Picture - Aldo Balding

4 comments:

  1. comment ekak demme nethath hemadama puluwan una welawata me site ekata enawa, kawi adahas godak lassanai,, ! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. සන්තෝෂයක් ඔබේ පැමිණීම.

      Delete
  2. පට්ටයි සුපිරියි එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..ස්තූතියි..

      Delete