Monday, July 14, 2014

ගස ගත්තා බකමූණූ පැටියව අතට



ගස ගත්තා බකමූණූ පැටියව අතට
මල දැක්කා හිනායනව ඒකට ගසට

මං හ්ම් හ්ම් කියන්නේ අර අහසේ සඳට
සඳට නින්ද යන්නේ එතකොටලූ හොඳට

ගස ගත්තා බකමූණූ පැටියව අතට
මල දැක්කා හිනායනව ඒකට ගසට

වලාකුළින් ඔන්චිල්ලා පදිනා ළමයින්
නිදන්නෙ මගෙ සංගීතෙට නොවිලා දඟයින්

ගස ගත්තා බකමූණූ පැටියව අතට
මල දැක්කා හිනායනව ඒකට ගසට

Picture - James Browne

4 comments:

  1. මේ කතාව ඇහුවම මටත් හිනා ගියා පොඩි එකෙක්ට වගේ.. ආයි ලියමුද එකක්

    ReplyDelete
  2. මං ආසයි බකමුනෝ ඔයාට..
    මට “හ්ම්“ කියා තනි රකින්නෙ ඔයානේ..

    ඉරට ගිරව් තනි රැක්කා වුනාට
    මට ඉන්නෙ ඔයයි හා පැටියයි විතරනේ

    බකමුනෝ මගෙ මුණම ඔයාට
    හද වගේම රවුම් මුණ ඔයාගේ..
    ;)

    ReplyDelete