Saturday, July 5, 2014

කොළ ඇපල් පලයක්



කවිච්චියක වැතිර ඉමි
නිසසලව ගලායන සන්ධ්‍යාවක
ඇස් පියාගෙන
කොළ ඇපල් පලයක්
සපමින් බිඳෙන් බිඳ

උනනා නැවුම් රස
ගලා යයි සියුමේන්ද්‍රියන් පසු කර

අල්ලා ගැනීමද රසභාව?
බැඳී නැත එහෙත් ඇපලයට
එසේම නැවුම් රසයට
එහෙත් පිළිකුලැයි ගත යුතු
සියලු තැන් පසු කොට
ගෙන යයි එහි නැවුම් භාවය

ඇස් පියා විඳින කළ අහර
බිඳෙන් බිඳ මේ අයුර
අහර බිඳකින් වුවත්
පිරී යයි ජීවිතය
විඳිය යුතුය ඔබ මෙය
සුව පහසුව වැතිර යම් තැනක!

Picture - Jang yong gil

No comments:

Post a Comment