
එක්කෝ නැන්දම්මා ගොලු විය යුතුය
නැත්නම් ලේලිය බිහිරි විය යුතුය
එයය නියම නියාම ධර්මය
විවාහයක පැවතීම පිළිබඳ
ගුණවන්ත භාවයෙහි ආඪ්‍ය බව
නැන්දම්මාට දිය යුතුය
සැණින් ඈ දෙව්ලොව වැඩිය යුතුය
අහෝ දෙවියනි භාර ගනු මැනව ඇය
...............
පොඩි නංගිගෙ ලේලි බලන්නට එපායෑ
දරු පැටියෙකුත් ඉන්නවා රස්සාවකුත් තියෙනවා
ලොකු අක්කගෙ දූ මහ බැංකුවේ
උයන්නත් දන්නවා මහන්නත් දන්නවා
මල්ලිගේ ලේලිගෙ දෑවැද්ද ලක්ෂ එකසිය හැටක්
නංගිමයි කිව්වෙ, දැක්කද මූණෙ සීදේවි පාට
ඔබ කියන වචනයක් පාසා
සුවඳ පැන් ඉසිය යුතුය ඔබ වෙත දෙවිවරු
Picture - Cunde Wang
No comments:
Post a Comment