Monday, July 28, 2014

චුත වීම


වන වදිමි ළපලු මල් සිප ගමි
කුරක්කන් පැහෙන බිම් අමතමි
කුරුල්ලන් වරන කවි අහුලමි
හිටි ගමන් ගුඩුස් ගා චුත වෙමි

කඳුරු කඳු මුදුනටම ඇවිදිමි
අඳුරු ගල් පොත්තකින් මතු වෙමි
රිවි පබා වීසි කර සැතපෙමි
ඇඬෙන දුක් වන ගබෙහි සඟවමි

පැසුළු යම ඇසෙන වීණා නා
අසුරු සැණකින් වනට ගෙන ආ
බැණ නොබැණ මසුරු හිත බැඳි රා
බැදි දවුල හා පෙරයි මධු රා

Picture - Bogdan Prystrom

No comments:

Post a Comment