Thursday, July 24, 2014

ඔබ එන්න



ඔබ එන්න
ඔබෙ - විසල් අත් විදාගෙන ඔබ එන්න
කොණ්ඩයෙන් ඇද පැනයන්න
පොත් කුරුටු සටහන් විසුරන්න
හැම පිටුවකම ඔබ සැඟවෙන්න

මා හඬ නඟන කල සබා ගබයක
ඔබ අබිමුවට වී හිනැහෙන්න
අකුරු ඉස්පිලි අසිහි කරමින්
අසුරු සැණයෙන් පැන යන්න

ඔබ එන්න
අනේ ඔබ එන්න

Picture - Ricardo Fernández Ortega

No comments:

Post a Comment