
අගුළු බඳැණය තර කරමි
කවි සූරා අහකට දමමි
කිසිවෙකුට දකිනු බැරි ලෙස
සක්මන් කරනු බැරි ලෙස
ඇතුළු වනු බැරි ලෙස
අගුළු බඳැණය සිර කරමි
මල් පිපෙයි මටම පමණයි
ඔබට විඳිනු බැරි වෙයි
සල් මල් හුස්මකින් සසැලෙයි
බෝ පතක් මෙන් තුර හැර නිසල වෙයි
මල් පිපෙයි මටම පමණයි!
නොදන්නා බැවින් මා මා වගේ වෙන කෙනෙක්
මට මලක් දුන්නාට කමක් නැත
නටුව මත තබා මල එහෙත් මම නික්ම යමි
මල් සුවඳ මිස මලක් උරුම නැත
මල් පිපෙයි මටම පමණයි!
Picture - Pier Toffoletti, 1957
ඇල්ලීම තහනම්..
ReplyDelete