
එක්පස් විනිස්
තහනම්ය මිතුර
කියන්නට හැක ඔබට
ඔබේ අහේතුක හේතුව
නිල්මල්ය බබළන්නේ අර අහස උඩ
මෙලෝ කමකට තියෙනවද
කවුරුන්ද දකින්නේ තාරුකා එළි
වීථියෙහි හැලෙන එළි මඟ හැර
හයිකුවක් වගේ නැවී පොඩි වී කුමටද
සාගරය අස සාරයක කවර අරුමද
තාලයක් නැති ලියා කවිකම් කවරද
ඊ තුඩක් මෙන් වීසි වූවොත් කොහොමද?
සාවියෙක් වගේ බියේ ගුලි වී ඉන්නවද
මීනයෙක් වගේ හරි වෙලත් හරි ගැහෙනවද
බාලයෙක් වගේ තවම මගෙ හිත රිදෙනවද
එක ගලක්වත් අරන් උන් හිස තලනවද?
Picture - John Roddam Spencer Stanhope
No comments:
Post a Comment