Friday, July 25, 2014

තරහ අවසර මහැඳුරිනි



තරහ අවසර මහැඳුරිනි
වෙනෙකෙකු නැතුවද - මටම පැවරූ දෙසුමට
නැඟ සබා ගැබ දැන්
එඩි පෙන්විය යුතුද මා
දේදුන්නක් වගේ
මැවිය යුතුද පාට හත
හිනැහිය යුතුද - මහත් අබිමනින් නැඟ

විභාග ගොඩයි වැඩ ගොඩයි
අවිවේකී දින ගොඩයි
පැවරුම් ගොඩයි අමතර වැඩයි
ලියවෙන්න පොර බදින කවි ගොඩයි
මේ හැමකක් කළත්
සල්ලි විතරක් පොඩ්ඩයි

අමාත්‍යාංශෙට කියන්නට ඇති 'කුරු ගොඩයි
සැලසුම් බිඳෙන වෙහෙසත් ගොඩයි
නඟින්නට තියෙන නඟින්නට නොදෙන කඳු ගොඩයි
මසකට හමාරකට පිරෙන ඇරයුම් පත් ගොඩයි
සමරන්නට සුදුසු සිනහවල් ගොඩයි
සල්ලි විතරක් පොඩ්ඩයි

තරහ අවසර මහැඳුරිනි
පෙන්විය යුතුද සත් වර්ණ තවත් මං

Picture - Edna Cropton

1 comment: