Friday, July 11, 2014

බැහැදැක්ම



මුළු මහත් පාසල් සමයෙහි
මාගේ අසල්වැසි ඩෙස්කුව හිමිව හිටි
යෙහෙළිය පැමිණියාය
බැහැ දැක්මට මා

තැනින් තැන පින්සල් විසිර ගිය
පොළොවෙහි වැටුණු පාට ලප
"අඳිනවද නානවද" අසන්නාක් මෙන්
බැලුවාය ඈ මා දෙස
වසර ගණනාවක් එක දිගට
අඳින චිත්‍රයකි එය
වතුර බඳුන මදුරු පැටව්
බෝවන්ට පෙර විසි කරන 'මුත්

පොත් රාක්කයේ විසිතුරුව පිණිස
තබා ඇති වයින් බෝතල්
සිඳී ඇති බව ඇය
පිරික්සුවාය ඉනික්බිති
නොදැක්කා මෙන් සිටීමි මම

"බබෙක් හදන් නැද්ද?"
ඊළඟට ඇසීය ඈ මගෙන්
ව්‍යාඝ්‍රයෙකු සේ එවර
බැලුවෙමි ඇය දෙස මම

Picture - Ou Chujian

No comments:

Post a Comment