Saturday, July 12, 2014

මල් ඇට



සමහර මල් ඇට ඇත
පසට යට කළ පසුව
අඳුරට හා නියඟයට අසුව
එහිම මිය යන

සමහර වසන්තයන් ඇත
මඟට 'විත් ගොර බිරම් ලැබ
ආපසු හැරී යන

අඳුර තුළ සැඟවු කල
හුස්ම හිර වුණු මල් ඇට
දිය බිඳක් නොලද මල් ඇට
මතුපිටට මිහි නැඟුණු මල් වැටට
වඩා සුලබය

Picture - Danielle Richard
Inspired by Ruwan Bandujeewa's poem;
"
පසට යට කළ පසුව මල් ඇට
ඒ පසම ඉරාගෙන ඇවිදින්
මල් වැටක් සේ නැගෙන්නට පෙර
රංචු ලෙස නොව තනිව නිහඬව
විඳිති භූගත අන්ධකාරය ......"

No comments:

Post a Comment