Friday, July 11, 2014

වසන්තය තියෙන තැන්වල පිපෙනවාද මල්



වසන්තය තියෙන තැන්වල පිපෙනවාද මල්
සුසුදු මල් සුරල් - දමැති බිනර මල්
වසන්තය තියෙන තැන්වල නැතිද කතරවල්
වැහි බිඳක් පතා දැවෙනා විසල් කතරවල්

වසන්තයෙ සොබින් මත් වී ගයනවද ගිරව්
හඬන්නේ නැතිද හිත බිඳි විරහ විහඟ මල්
හිඳින්නේ නැතිද කිසිවෙකු මඟ බලා නිනව්
වැටෙන්නේ නැතිද කඳුළක් නුබින් ගඟට නිල්

අසන්නේ නැතිද හිඟ ඇති හදක හඬන කව්
බිඳෙන්නේ නැතිද විල් මත සරළ රළ වරල්
ලියන්නේ නැතිද කිසිවෙකු වෙණක මැවෙන රැව්
වසන්තේ පිපෙන්නේ තැන තැන විතරද මල්

Picture - Konstantin Kacev

No comments:

Post a Comment