Saturday, July 5, 2014
හදිසියේ මිය ගියෙමි
හදිසියේ මිය ගියෙමි
හෙම්බත්ව සිටි 'මුත්
උදවු කිරීමේ අභිලාෂයෙන්
අතිමහත් සේ සූරාකෑමට ලක්ව
දෙණ අසල කිසිවෙක් නොවූහ
ජීවත්ව සිටි කල මෙන්
අතරමංව සිටියෙමි මම
මිනිසුන්-නොමිනිසුන් අතර
ඔහු පමණක්
රිදුම් දෙන හිස ඔසවාගෙන
සැලසුම් කරමින් සිටියේය
උත්සවය අවමංගල්‍ය
හිස්භාවයෙන් මම පෙළුණෙමි
ඔහුගේ හිත මත පමණක් විටින් විට
මතක රිදී රේඛා ඇඳී යනු දුටුවෙමි
අප හමු වූ සල් ගසද
පියමං කළ මංපෙත්ද
අනෝරා වැසි කල්හිද
මහා සුළි සුළං අසද
වැටෙන්නට නොදී අල්වා සිටි අත්ද
මැවුණි ඔහු හිත විටින් විට
අතීත ස්මරණයන්ගේ බරින්
කඩා වැටෙන්නට විය අහස පොළොවට
හෙමින් හෙමින් පිටත්වන්නට විය
අවමඟුල් පෙරහර
වැස්සෙන් අනතුරුව
සන්ධ්‍යා අහස මත රත් රේඛා ඇඳී තිබිණ
ඇතුළු කළහ ඔවුහු දෙණ
චිතකයට
විදුලි සැර හා දැවී යන්නට විය සිරුර
කෙස් කලඹ සීරුවට ඇද හැලුණ
ඔබේ මංගල මාලය පැළඳි ගෙල
බඳ මත උපන් ලපය
සැණයකින් අළු දෝතක් විය
සියල්ලෝම නික්ම ගියහ අනතුරුව
සොහොන් කොත් අතරින් නොපෙනී
මට මහා පාළුවක් දැනිණි
මම අහසට අත දිගු කළෙමි
Picture - Felix Mas
Subscribe to:
Post Comments (Atom)
ගන්ධබ්බයෙක් වෙන්න හදන්නේ.... ලස්සනයි නිර්මාණය....
ReplyDeleteජීවත්ව ඉන්න කාලෙත්
Deleteගන්ධබ්බයො තමයි අපි :)
මැරුණත් අවිස්වාස මරණය
ReplyDelete