Wednesday, July 16, 2014

දෙවියනි දැන් ඔබ මට කියා දිය යුතුය



ඇදී යමි විසල් ද්වාර මන්දිර තුළින් ඈතට
පසු කර යමි ගිම්හානයේ මිශ්‍ර පැහැති කැටයම්
දැක ගත හැකිය ඉන් එක් රූපයක ඔබෙ රුව යන්තමට
දෙවියනි දැන් ඔබ මට කියා දිය යුතුය
ලිවීම නොව ලිවීම නවතන විදිහ
ප්‍රේමය නොව ප්‍රේමයට අගුළු ලෑ යුතු විදිහ
සත්‍යය නොව සත්‍යය වීසි කොට පසුම්බිය පුරවන විදිහ

Picture - Edward Petrovich Hau, from Revel, Russsia (today Tallinn, Estonia) (1807 - 1888)

No comments:

Post a Comment